දවසක් වයිෆ් රැ ඇහැරිලා බලන කොට තමාගෙ ස්වාමි පුරුෂයා ඒ කියන්නෙ කොබා ඇදේ හිටියෙ නෑ. ඉතින් වයිෆ් කලබලවෙලා සාලෙ පැත්තට දුවගන ගියා කොබාට මෙකක්හරි වෙලාද බලන්න. අනේ යනකොට කොබා ප්ලේන්ටියකුත් හදාගෙන බිත්තිය දිහා බලාගෙන කල්පනා කර කර
ඉන්නවා.
වයිෆ්.. මොනවද අනේ මේ රැ නැගිටගෙන කල්පනා
කරන්නේ
කොබා.. නෑ අනේ ඔයාට මතකද දැනට අවුරුදු විස්සකට කලින්
හරියටම අද වගේ දවසක අපි දෙන්න ගැන.
මිනිහ දුකෙන් වගේ කිව්වා. වයිෆ්ට කොබා කොච්චර සංවේදීද කියල හිතුන.
වයිෆ් .. ඔව් අද විතරක් නෙමේ හැමදාම මතකයි.
කොබා.. ඒ උනාට ඔයාට මතකද හරියටම ඔයාගෙ තාත්තට අපි දෙන්න
මගෙ කාර්එකේ පිටිපස්සෙ සීට් එකේ අපිදෙන්නා කර කර ඉදල
අහුවෙලා අදට අවුරුදු විස්සයි.
කොබා දාන් හොදටම අඩනවා. වචන හරියට කටින් පිටවෙන්නෙත් නෑ. වයිෆ්ටත් දුකයි. ඔව් අනේ ඔව් මට මතකයි ඒත් ඇයි ඔයා අඩන්නේ.
කොබා.. නෑ එදා මතකද ඔයාගෙ තාත්ත තුවක්කුව දික්කරල මට කිව්වා
එක්කො මගෙ දුවව කසාද බැදපන් නැත්තම් දුව බාල වයස්
කාරියක් හින්ද තමුසෙව හිරේ අරිනව කියල.
වයිෆ් .. ඔව් ඔව් මට හැමදෙයක්ම මතකයි. ඒත් ඇයි ඔයා අඩන්නේ
කොබා අඩන ගමන් කියනවා, නෑ... මට එදා හරියට තීරණයක් ගන්න බැරි උනානෙ කියල අයෙත් අඩන්න පටන්ගත්ත.
මම එදා හිරේ යන්න තීරණය කලානම් අද මම නිදහස්වෙනවා.
එහෙම කිව්ව ගමන් නොන ඔලුවෙ අතගහගත්තා
Monday, December 26, 2011
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment